Gossips

සාකච්ජා සඳහා එන්න උතුරු කොරියාව, ඇමරිකාවට කල් දෙයි

නම්‍යශීලී ප්‍රතිපත්තියක සිට සාකච්ඡා සඳහා ප්‍රවිෂ්ඨවීමට මේ වසර අවසානය තෙක් ඇමරිකාවට කාලය ලබාදෙන බව උතුරු කොරියානු නායක කිම් ජොං අන් පවසනවා.
ඔහු කියා සිටියේ එසේ වුවහොත් පමණක් ඇමරිකාව සමඟ සාකච්ඡා සඳහා සූදානම් බවයි.
උතුරු කොරියාව සමඟ යළිත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කර තිබුණා.
ඒ, දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් හමුවීමට පෙරයි.
ඇමරිකාව සහ උතුරු කොරියාව අතර සිංගප්පූරුවේදී සහ වියට්නාමයේදී සාකච්ඡා වට දෙකක් පැවති අතර මේ වන විට එහි ප්‍රගතිය ඇණහිට තිබෙනවා.