Gossips

සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට බේකරි හිමියන් සූදානම්

තිරිඟු පිටි මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදාළ මිල ගණන් නිළ වශයෙන් තමන් වෙත ලැබුණු පසු සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එහි සභාපති එන්.කේ. ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද (01) දහවල් වන විට තිරිඟු පිටි සමාගම් ඔවුන්ගේ මිල ගණන් බේකරි හිමියන් වෙත දැනුම් දෙන බව සඳහන් කළ බවයි.
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් ඉහළ ගියා.