Gossips

සාකච්ඡා කර ගැටලූ විසදා ගනිමු – ප්‍රවාහන ඇමති දුම්රිය වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරයි

උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ ගමනාගමන පහසුකම් පිළිබදව සලකා බලා වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කර සාකච්ඡා මට්ටමෙන් ගැටලූ විසදා ගැනීම සදහා එක්වන ලෙසට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කළේ දැනුම්දීමකින් තොරව ආරම්භ කළ දුම්රිය වැඩවර්ජනය හෙළා දකින බවයි.
ඉල්ලීම් ලබාදීම සදහා අමාත්‍ය මණ්ඩලය දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, ඒ සදහා යම් කාලයක් ගත වන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.
මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කළේ දුම්රිය වර්ජනය හමුවේ දෛනික ගමන්වාරවලට අමතරව තවත් බස් රථ 100 ක් පමණ අතිරේකව යෙදවීමට කටයුතු කර ඇති බවයි.
බස් රථ සම්බන්ධයෙන් ගැටලූවක් ඇත්නම් 0117 – 555 555 යන දුරකථන අංකයට දැනුම්දිය හැකි බවයි ගමනාගමන මණ්ඩලය සදහන් කළේ.