Gossips

සාකච්ඡා අසාර්ථකයි වර්ජනය ස්ථීරයි

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සමඟ පැවති සාකච්ඡාවේදී විසඳුමක් නොලැබීම හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට සැලසුම් කළ වර්ජනය ඒ ආකාරයෙන්ම පවත්වන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමය ප්‍රකාශ කළා.
අද උදෑසන පැවති සාකච්ඡාවෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අදාළ විසදුම් ලබාදීම සඳහා තමා දුම්රිය රියදුරු සංගමයෙන් සති දෙකක කාලයක් ඉල්ලා සිටි බවයි.
දුම්රිය එන්ජින් රියදුරු සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කළ වර්ජනයට නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් ද මෙම වර්ජනයට සහය පළ කර තිබුණා.
අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය එන්ජින් රියදුරු සංගමය සිය සාමාජිකයන් සමඟ සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.