වැටුප් දීමනා ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ආරම්භ කර ඇති වර්ජනය තව දුරටත් ක්‍රියාත්මක බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.
එම කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ අප කළ විමසීමකදී කියා සිටියේ අද (16) මුදල් අමාත්‍යාංශ බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී පැහැදිලි විසඳුමකට එළඹීමට නොහැකි වූ බවයි.
ඒ අනුව වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව තීරණය කළ බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට දින 17 ක් ගතවනවා.