තමන්ට ස්ථිර පත්වීම් ලබාදෙන ලෙස ඉල්ලමින් උතුර පළාත් ස්වේච්ඡා ගුරුවරුන් පිරිසක් මේ වනවිට උතුර පළාත් සභාව වටලා විරෝධතාවක නිරතවනවා.
ඒ හේතුවෙන් උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඇතුලූ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සභා පරිශ්‍රයෙන් ඉවත්ව යාමට නොහැකිව එහි රැඳී සිටින බවයි එහි සිටින හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
