Gossips

ස්විට්සර්ලන්ත – ඇල්ප්ස් කඳුවැටියේ ගුවන් යානා දෙකක් ගැටී 23 ක් ජීවිතක්ෂයට

ස්විට්සර්ලන්තයේ කුඩා ගුවන් යානා දෙකක් පැයක කාලයක් ඇතුළත ඇල්ප්ස් කඳුකරයේ ගැටී වනාන්තරයට කඩාවැටී ඇති අතර, ඒවායේ සිටි 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මුල් අනතුරෙන් එකම පවුලේ හතරදෙනෙකු මියගොස් ඇති අතර, මගී ගුවන් සේවයකට අයත් තවත් දෙවන ගුවන් යානය අනතුරට ලක්වීමෙන් මගීන් 17 දෙනෙකු සහ නියමුවන් දෙදෙනා මියගියා.
මුහුදු මට්ටමේ සිට අඩි 8,000 කට වැඩි උසින් පිහිටි ඇල්ප්ස් කඳු ප්‍රදේශයේ මෙම අනතුරු සිදුවූ ආකාරය මෙතෙක් අනාවරණ වී නැහැ.
ජීවිතාරක්ෂක මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා 5 ක් යොදවා තිබෙනවා.