Gossips

ස්විට්සර්ලන්තයට ගිය මාලිංග මුල්වරට සියල්ල හෙළිකරයි

ලොව පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගී වූ පන්දුවාර 20 අයිස් ක්‍රිකට් තරඟාවලිය පසුගියදා ආරම්භ වුණා.
ඒ ස්විට්සර්ලන්තයේ ශාන්ත මොරිට්ස් ප්‍රදේශයේදීයි.
මෙම තරඟාවලියට සඳහා මහේල ජයවර්ධන, ටී.එම්. ඩිල්ශාන් සහ ලසිත් මාලිංග යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවෙන් එක්ව සිටිනවා.
මෙහිදී ලසිත් මාලිංග සිය ඉදිරි සැලසුම් පිළිබදව මාධ්‍ය වෙත අදහස් පළකර සිටියා.
එහිදී වත්මන් තේරීම් කමිටුවේ ක්‍රියාකලාපය හේතුවෙන් තම ජාත්‍යන්තර ක්‍රිකට් අනාගතය පිළිබඳ නැවත සිතා බැලීමට සිදුව ඇති බව ලසිත් මාලිංග පවසනවා.
ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන අයිස් ක්‍රිකට් තරගාවලිය අතරතුර හිරු ස්පෝට්ස් වෙත අදහස් දක්වමින් මාලිංග මේ බව පැවසුවා.