ස්වාසිලන්තයේ, ස්වාති රජුු විසින් එරට නම වෙනස් කර තිබෙනවා.
ඒ අනුව එය මින් ඉදිරියට එස්වාටීනිි රාජධාරිය ලෙස නම් කෙරෙන බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
ස්වාසි වැසියන්ගේ භූමිය යන්න එහි තේරුම වනවා.
ස්වාති රජුගේ 50 වන උපන් දිනය සහ ස්වාසිලන්තයේ නිදහස් සැමරුමට සමගාමීව මෙලෙස එය රාජධානියක් ලෙස නම් කර ඇති අතර, ඒ සදහා ස්වාති රජුට බලතල පවතින බව විදෙස් වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
