Gossips

ස්වාධීන වුවත් විපක්ෂ නායක ධුරය නොලැබෙනු ඇතැයි හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්

තමන් ද ඇතුළුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වුවත්, විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට හිමි නොවනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
මීගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනිද්දා ප්‍රකාශයක් ලබා ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලිඛිතව දැනුම් දී තිබෙනවා.
අප කළ විමසීමකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාර ද ඊට අදාළ ලිපිය ලැබී ඇති බව තහවුරු කළා.
ඒ සම්බන්ධයෙන්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද පැවති උත්සවයෙන් අනතුරුව අදහස් දක්වා සිටියා.
එහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තමන්ට කීත් නොයාර් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දුන්නේ ඇයිදැයි නොදන්නා බවයි.