Gossips

ස්වාධීන වීමේ තීරණය හෙට

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ විපක්ෂ නායක ධූරය ලබා ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ස්වාධීන විය යුතුය යන මතයේ පිවිතුරු හෙල උරුමය සිටින බවයි.
කෙසේ වෙතත් බදුල්ල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය ලබා නොදීමට රජය ඉදිරිපත් කරන කරුණු පදනම් විරහිත බවයි.
ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීන වනවා නම් ආකාර දෙකකින් එය සිදු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවේදීද මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඊට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගෙන් ප්‍රශ්ණ කළා.