ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වන්නේ ද, නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය හෙට පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී ගැනීමට නියමිතයි.
පොදුජන පෙරමුණ කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැදවා තිබූ අතර ඊට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළේ එහිදී ඒ පිළිබදව තීරණයකට එළඹෙන බවයි.
