පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් මහියංගණය ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ සාමාජිකයන් 8 ක් ජනාධිපතිවරයා හමුවී නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.
අද පස්වරුවේ ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී සාමාජිකත්වය ලබාගැනීමෙන් පසු නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ලෙසට ජනපති ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
