Gossips

ස්වාධීනවීම ගැන ඒකාබද්ධයේ වාර්තාව ලබන සතියේ එළිදකී

පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය පත් කළ විශේෂඥ කමිටු වාර්තාව ලබන සතියේ එළිදැක්වීමට නියමිතයි.
ලබන අඟහරුවාදා පස්වරුවේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී එම කමිටු වාර්තාව එළි දැක්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
ස්වාධීන වීම සම්බන්ධයෙන් එම වාර්තාව අධ්‍යයනය කර තීන්දුවක් ගැනීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීම පිළිබඳව තීරණය කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය පසුගියදා මෙම කමිටුව පත් කළ අතර, පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් එහි ප්‍රධානත්වය දරනවා.
එම කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම සහ සුසිල් ප්‍රේමජයන්ත මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ තවත් නීති විශාරදයින් කිහිපදෙනෙකුද ඇතුළත්.