ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වන්නේ ද, නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අද පස්වරුවේ රැස්වනවා.
ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට හිමි විය යුතු බවට ප්‍රකාශ වීමත් සමඟයි ඔවුන් ස්වාධීන වන්නේ ද? නැද්ද යන්න පිළිබදව විවිධ මත පළ වුණේ.
ඒ අනුව අද දිනයේ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
