තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ස්වර්ණාභරණ තොගයක් රැගෙන ආ පුද්ගලයින් 3 දෙනෙකු ගුවන් තොටුපළේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සාදා නිම නොකළ කැරට් 24 රන් භාණ්ඩ තොගයක් තම ඇඳුම්වල සඟවාගෙන රැගෙන ඒමට උත්සාහ කිරිමේදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එහි වටිනාකම රුපියල් තිස් නව ලක්ෂ 31,850ක්.
සැකකරුවන් මිනුවන්ගොඩ, ජාඇල සහ කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන්.


