Gossips

ස්වයංක්‍රිය ගිනි අවියක් සමඟ හිටපු ගුවන් නියමුවෙකු කටුනායකදී අත්අඩංගුවට

බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මිලිමිටර් 6.35ක වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියක්,ජීව උණ්ඩයක් සහ මැගසිනයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන ඩුබායි බලා පිටත්ව යාමට පැමිණි පියාසර ගුවන් නියමුවෙකු අද (06) කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 55 හැවිරිදි රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු මිට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නියමු කපිතාන් වරයෙකු ලෙස සේවය කර ඇති බවටයි මුලික පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ.
එමෙන්ම සැකකරු මේ වනවිට කෙන්යාවේ ගුවන් සමාගමක සේවයේ යෙදෙන බවට ගුවන් තොටුපළ පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
ඔහු මෙලෙස ගිනි අවියක් රැගෙන යාමට උත්සහ කර ඇත්තේ කුමන කරණාවකටද යන්න පිළබඳව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු සදහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් මිගමුව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධික්ෂණය යටතේ පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි ගුවන් තොටුපළ පොලිසිය පවසන්නේ.