මෙවර IPL තරඟාවලියෙන් හදිස්සියේ ඉවත් වූ ස්ටීව් ස්මිත්ගේ ස්ථානයට දකුණු අප්‍රිකා පිතිකරුවෙකු වන Heinrich Klaasen කැඳවා තිබෙනවා.
Heinrich Klaasen පසුගිය තරඟවලදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහුට මෙම අවස්ථාව හිමිවූ බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ අනුව Heinrich Klaasen හට IPL තරඟාවලියට එක්වීම වෙනුවෙන් ගෙවනු ලබන මුදල ඉන්දියානු රුපියල් ලක්ෂ පනහක්.
මේ අතර ඔහු මෙවර IPL තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී වෙන්දේසි නොවුණු ක්‍රීඩකයෙක් වීමත් විශේෂත්වයක්.
මේ අතර ඩේවිඩ් වෝනර්ගේ නායකත්වය දැරූ හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වයට නවසීලන්ත පිතිකරු කේන් විලියම්සන් නම්කර තිබෙනවා.
ස්ටීව් ස්මිත්ගෙන් හිස්වූ රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ නායකයා ලෙස අජින්කෙයා රහනේ නම්කෙරුනා.
දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගයකදී පන්දුව පලුදු කිරීමේ වරද පිළිගත් ස්ටීව් ස්මිත් සහ උප නායක ඩේවිඩ් වෝනර්ට වසරක කාලයක් ක්‍රිකට් තහනම් කිරීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මෙම චෝදනා හේතුවෙන් ඔවුන් නායකත්වයෙන් සහ උප නායකත්වයෙන් ද ඉවත්වුණා.
මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රධානී රජිව් ශුක්ලා ද ප්‍රකාශකර තිබුනේ මෙම චෝදනා හේතුවෙන් ඩේවිඩ් වෝනර්ට සහ ස්ටීව් ස්මිත්ට මෙවර අයි පී එල් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා නොදෙන බවයි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් දෙදෙනාට තරගාවලිය තහනම් කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශකර ඇත්තේ.
මේ අනුව ඔවුන් දෙදෙනා වෙනුවෙන් වෙනත් ක්‍රීඩයන් දෙදෙනෙකු කණ්ඩායම්වලට එක්කර ගැනීමට අයි පී එල් බලධාරීන් අනුමැතිය ලබාදී තිබෙනවා.
මේ අතර මීට පෙර ඩේවිඩ් වෝනර් වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරු කුසල් ජනිත් කැඳවනු ඇති බවට ද මීට පෙර වාර්තා පලවී තිබුනා.
කෙසේවෙතත් අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් ඔහු අයි පි එල් තරගාවලියට එක් නොවන බවටයි පසුව සඳහන් වූයේ.
2018 ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය ලබන අප්‍රේල් 7 වනදා ආරම්භ වනවා.
පළමු තරගය පැවැත්වෙන්නේ මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම් අතර වන්කඩේ ක්රීඩාංගණයේදීයි.