Gossips

ස්මාර්ට් ජංගම දුරකථනය එක්වරම පුපුරා යාමෙන් අවාසනාවන්ත ලෙස මියගිය සුරූපී තරුණිය

ස්මාර්ට් ජංගම දුරකථනයක් පිපිරීයාම හේතුවෙන් 18 හැවිරිදි තරුණියක් අවාසනාවන්ත ලෙස මියගොස් ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ ඔඩීෂා ප්‍රදේශයෙන්.
අදාළ තරුණිය සිය ජංගම දුරකථනයේ බැටරිය යළි ආරෝපණය කිරීම සඳහා විදුලියට සම්බන්ධ කර දුරකථන ඇමතුමක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී සිදුවූ පිපිරීමක් හේතුවෙන් ඇයගේ පපු ප්‍රදේශයට, පාදයකට, සහ එක් අතකට ඇතිවූ දරුණු තුවාල හේතුවෙන් ඇය කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගනු ලැබුවද එහිදී ඇය අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදාළ දුරකථන සමාගම ද ප්‍රකාශයක් නිකුත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
මේ අතර ඉන්දීය පොලිසිය විසින් අදාල සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද එහි සඳහන්.