ස්නායු රෝගයක් හේතුවෙන් දෑත, දෙපා අප්රාණිකව ඔත්පලව සිටින පෙරපාසල් දැරියක් පිළබදව අපට වාර්තා වුණේ හම්බන්තොට ප්රදේශයෙන්.
හම්බන්තොට මානජ්ජාව ප්රදේශයේ පදිංචි 11 හැවිරිදි මේ කුඩා දැරිය නමින් හේශානි අප්සරා.
ස්නායු රෝගී තත්වයක් හේතුවෙන් ඔත්පලව සිටින ඇය ජීවත්කරවීමේ කාර්යට උරදී සිටින්නේ ඇගේ මවයි.
හේෂානි අප්සරා දැරිය ඇතුළු ළමයින් දෙදෙනෙකුගෙන් යුත් මේ පවුලේ බර උහුලන් ඉදපු පියාත් දෑත දෙපය අප්රනිකවීම හේතුවෙන් මේවනවිට එක්තැන් වෙලා.
රැකියාවක් පවා නොමැතිව ගිලන් දරුවාත්ලපියාත් ඇතුළුව අනෙක් දරුවාත් රැකගනිමින් මේ මව ගෙනයන ජිවන අරගලයට කාගේ නම් පිහිටක්ද ?
