පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ස්නයිපර් අවි අතුරුදන් වී ඇත්නම් එය ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ගැටළුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
තංගල්ල – කාල්ටන් නිවසේ අද පැවති පොහොය දින ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
එහිදී හිටපු ජනාධිපතිවරයා රුපියලේ අගය අවප්‍රමාණවීම සම්බන්ධයෙන් ද අදහස් දක්වා සිටියා.
