Gossips

ස්ථාන කිහිපයක ගොඩගැසෙන කොළඹ කසල

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක කැළි කසළ එකතු කිරීමට නොපැමිණීම හේතුවෙන් එම ජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා.
කොළඹ නගරයේ මාලිගාකන්ද ප්‍රදේශයේ සහ මරදාන දෙමටගොඩ පාර ප්‍රදේශයේ මෙලෙස කසල එක්රැස්වී ඇති අයුරු දැකගත හැකියි.
දැනට සතියකට ආසන්න කාලයක සිට කොළඹ මහ නගර සභාව කැළි කසළ එකතු කිරීමට නොපැමිණි බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකටයි.