Gossips

ස්ටීවන් ස්මිත් යළි ක්‍රිකට් පිටියට

දකුණු අප්‍රිකාවේදී පන්දුව පළුදු කිරීමේ වරද පිළිගෙන ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වූ ඕස්ට්‍රේලියානු පිළේ හිටපු නායක ස්ටීවන් ස්මිත් කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් ටී ටුවෙන්ටි විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කර තිබෙනවා.
ස්මිත්ට ජාත්‍යන්තර හෝ පළමු පෙළ තරඟවලට සහභාගිවීම වසරක් යන තුරු තහනම් වුවත් ක්‍රීඩා සමාජ තරගාවලි හෝ ගෝලීය ලීග් තරගාවලි සඳහා එම තහනම බල පැවැත්වෙන්නේ නැහැ.
ග්ලෝබල් ටී ටුවෙන්ටි විස්සයි විස්ස තරගාවලිය සඳහා ස්ටීවන් ස්මිත්ට අමතරව ෂහිඩ් අෆ්රිඩි, ඩ්වේන් බ්‍රාවෝ, සුනිල් නාරායන්, ඩැරන් සැමී මෙන්ම ලසිත් මාලිංග ද විශිෂ්ඨ ජාත්‍යන්තර ක්‍රීඩකයන් ලෙස තෝරාගෙන තිබෙනවා.
තරගාවලිය ජුනි 28 වන දා සිට ජුලි 15 වන දා දක්වා කැනඩාවේදී පැවැත්වීමට නියමිතයි.