Gossips

ස්ටීවන් ස්මිත්ට තරඟ තහනමක්

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයේදී පන්දුව පළුදු කිරීමේ සිද්ධියට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ට දඬුවම් වශයෙන් ටෙස්ට් තරඟයක් තහනම් කර තිබෙනවා.
ඊට අමතරව සම්පුර්ණ තරඟ මුදල කපා හැරීමටයි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.
මේ අතර පන්දුව පළුදු කිරීමේ චෝදනා ලැබූ කැමරන් බැන්ක්‍රොෆ්ට්ට තරඟ ගාස්තුවෙන් සියයට 75ක මුදලක් කපා හැරීමටය ICCය පියවර ගෙන තිබෙනවා.
තරඟය අතර තුර පන්දුව පළුදු කළ බව පිළිගත් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර් එම තනතුරුවලින් ඉල්ලා අස්වුණා.
ස්මිත් නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඉදිරි තරඟ සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයට කඩුලු රකින ක්‍රීඩක ටිම් පේන් පත් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් පියවර ගත්තා.
ඕස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කරන අයුරු පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය යොමුව තිබෙනවා.