Gossips

සහෝදරියකට මරු කැඳවූ සහෝදරියගේ පහරදීම

කොළඹ 15, මෝදර වීදිය ප්‍රදේශයේදී සහෝදරියන් දෙදෙනෙක් අතර සිදුවූ ආරවුලක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.
බාල සහෝදරිය විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර පහර කෑමෙන් මියගොස් ඇත්තේ 56 හැවිරිදි ඇයගේ වැඩිමහල් සහෝදරිය බවයි පොලිසිය පවසන්නේ.
ඊයේ (25) පෙරවරුවේ මෙම සිදුවීම සිදුව ඇති අතර පහර කෑ කාන්තාව කොළඹ ජාතික රෝහල ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
පුංච් අම්මා විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් සිය මව මියගිය බවට දියණිය විසින් කළ පැමිණිල්ලකට අනුව පහරදීම සිදුකළ කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
පහර කෑමෙන් මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂණය අද (26) දින සිදුකිරීමට නියමිතයි.