Gossips

සහෝදරයින් දෙදෙනෙකු අතර ගැටුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට

බුලත්සිංහල – ගෝවින්න – දියබෙරලියකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකු යකඩ මුගුරකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
පොලීසිය සදහන් කළේ ඊයේ රාත්‍රියේ මියගිය පුද්ගලයා, සිය බාල සහෝදරයා සමග ඇති කර ගත් ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ 63 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු වන අතර ඝාතනයට සම්බන්ධ සැකකරු බුලත්සිංහල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.