Gossips

සහෝදරයන්ගේ සටන ජය පැරදුමෙන් තොරව අවසන්

කොළඹ – තර්ස්ටන් සහ ඉසිපතන 55 වන සහෝදරයින්ගේ සටන අද (24) ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී පැවති තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩකයින් පළමු ඉනිම අත්හිටවූයේ කඩුලූ 05කට ලකුණු 314ක් ලබා සිටියදීයි.
ඊට පිළිතුරු ලෙස කඩුලූ 9 ක් දැවී ලකුණු 201 ක් රැස් කළ ඉසිපතන කණ්ඩායම යළි දෙවන ඉනිම ක්‍රීඩා කිරීමේ අවස්ථාව තර්ස්ටන් කණ්ඩායමට ලබාදුන්නා.
තර්ස්ටන් ක්‍රීඩකයන් දෙවන ඉනිම අද අත්හිටුවන්නේ කඩුලූ 5 කට ලකුණු 140 ක් ලබා සිටියදීයි.
ඒ අනුව, ඉසිපතන කණ්ඩායමට තරඟය ජය ගැනීම සදහා ලකුණු 254 ක ඉලක්කයක් හිමිවුණා.
අද තරගය ජය පරාජයෙන් තොරව අවසන් වනවිට ඔවුන් කඩුලූ 7 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 153 ක්.