ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් අතර, තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ (20) රාත්‍රියේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවතුණා.
මෙහිදී ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ විශ්වාසභංග යෝජනාවට සහයෝගය පළ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට ලිපියක් භාරදීම සම්බන්ධයෙන් ද මෙම හමුවේදී සාකච්ඡා වී ඇති බවයි.
