මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ, වංචා පිළිබඳව තොරතුරු ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ජනවාරි මස 16 වැනිදා සිට 31 වැනිදා දක්වා සහන කාලයක් ලබාදී තිබෙනවා.
අදාළ කාලය තුළ එම කවුන්සිලයේ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යනු ඇති.
එහි නියෝජිතයෙකු වන ස්ටීව් රිචඞ්සන් අදාළ කටයුතු සඳහා දැනටමත් දිවයිනට පැමිණ තිබෙනවා.
