Gossips

සවස් කාලයේ වැසි වැඩිවේ

සවස් කාලයේ පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව මධ්‍යම,ඌව, සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලටත් වව්නියාව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.
වැසි සමග අකුණු අනතුරු ද ඇතිවිය හැකියි. ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.