Gossips

සල්ලි ගත්තේ කවුද ? – ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

මහබැංකු බැඳුම්කර වංචාව සහ පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් පුද්ගලයින් පිළිබදව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වනවා.
අද දිනයේදී පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබදව කථානායක කරු ජයසූරිය වෙත දැනුම් දීමට සූදානමින් සිටින බවයි ඒකාබද්ධය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් බවට මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරද්දී, මුදල් නොගත් බවට පෙරේදා දින වන විට කියා සිටි මන්ත්‍රීවරුන් ගණන 37 ක්.