අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් මැති ඇමතිවරුන් පිළිබදව දේශපාලන කරළිය දිනෙන් දින උණුසුම් වද්දී දෙමළ ජාතික සන්ධානය ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් වව්නියාවේ ඊයේ (10) පැවැති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ මුදල් ගත් පුද්ගලයින් පිළිබදව නිසි පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.
"යම් කෙනෙක් යම් කෙනෙක්ගෙන් මුදල් අරගෙන තිබෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෙමේ. නමුත් ඒ මුදල් මොන හේතුවක් මත ලබා දුන්නාද කියන එකයි වැදගත් වන්නේ. දේශපාලන ලාභයක් ගැනිමේ බලාපොරොත්තුවෙන් මුදල් අරගෙන තිබෙනවා නම් හරි එහෙම නැත්නං කලින් කරපු දේකට හරි දිලා තිබුණා නම් එක වැරැද්දක්. මේක මොන හේතුවක් මත දිලා තියෙනවාද කියන එක දන්නේ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් හරියාකාරව පරික්ෂණ කරලා ඇත්ත හෙළි කළ යුතුයි."
