Gossips

සල්මාන් වෙනුවට නසීර් කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එච්.එම් සල්මාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ. මොහොමඩ් නසීර් අද කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් සල්මාන් මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසුණේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින්.
තවත් මන්ත්‍රීවරයෙකුට අවස්ථාව ලබාදීම සදහා තමන් ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි එම්.එච්.එම් සල්මාන් මීට පෙර සඳහන් කළේ.