Gossips

සල්මන් ඛාන් බන්ධනාගාර ආහාර එපා කියයි

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේදී දුලබ ගණයේ මුවන් දෙදනකු ඝාතනය කිරීමට වරදකරු වූ සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් හට ඊයේ (05) එරට අධිකරණයකින් වසර 05ක සිරදඬුවමක් නියම කළා.
එම දඬුවම නියමවීමෙන් පසු සල්මන් ජෝද්පුර්හි සිරගෙදරකට රැගෙන ගිය අතර ඔහු එම සිරගෙදර ඊයේ රාත්‍රිය ගත කර තිබෙනවා.
නමුත් ඔහුට ඊයේ රාත්‍රියේදී සිරගෙදරින් ලබාදුන් චපාති, පරිප්පු සහ ගෝවා ආහාරය ඔහු ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අද (06) උදෑසන ලබාදුන් තේ කෝප්පය සහ උදේ අහාරය ද සල්මන් ප්‍රතික්ෂේප කළ බවයි බන්ධනාගාරය භාර ප්‍රධානියා ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ.
මේ අනුව මෙලස දිගින් දිගටම ආහාර ප්‍රතික්ෂේප කළහොත් ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරිහෙනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර කෙසේ වෙතත්, ඔහු වෙනුවෙන් ඉන්දීය මහාධිකරණය වෙත අද (06) ඉදිරිපත් කළ ඇප අයදුම්පත පිළිබඳ තීන්දුව හෙට (07) ලබාදෙනවා.