සිරදඩුවම් නියම වු බොලිවුඞ් සුපිරි නළු සල්මන් ඛාන් අද (07) ඇප මත මුදා හැරුණා.
ජෝද්පූර් බන්ධනාගාරයේ දින දෙකක කාලයක් ගත කළ සල්මන් ඛාන් ඉන්දීය රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ.
ඔහු ඉන්දීය මහාධිකරණය වෙත ඇප අයදුම්පතක් යොමුකර තිබූ අතර, ඒ අනුවයි මෙලෙස ඇප හිමිවුණේ.
පසුව, සල්මන් ඛාන් ඇප කොන්දේසි ඉටු කිරීමෙන් අනතුරුව බන්ධනාගාරයෙන් පිටතට ගියා.
දුර්ලභ මුවන් දෙදෙනෙකු දඩයම් කිරීමේ චෝදනාවට පෙරේදා ඔහුට අවුරුදු 5 ක සිරදඩුවම් හිමිවුණා.
