Gossips

සල්මන් ඛාන්ට සිර දඬුවම් නියම කළ විනිසුරුට මාරුවක්

බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන්ට දුර්ලභ වන සතුන් ඝාතන චෝදනා යටතේ වසර 05ක සිර දඩුවමක් නියම කළ විනිසුරුවරයාට මාරුවක් ලබාදී තිබෙනවා.
එමෙන්ම ඔහුගේ දඬුවමේ කාලසීමාව සම්බන්ධයෙන් අද (07) විනිශ්චයකට එළඹීමට සිටින විනිසුරුවරයාට ද එලෙස මාරුවක් ලබාදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
රාජස්ථාන් මහාධිකරණය මගින් ඔවුන් මෙලෙස මාරු කර ඇත්තේ වාර්ෂික සාමාන්‍ය මාරුකිරීම් යටතේ බව අධිකරණ බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
දුර්ලභ ගණයේ කළු ඇන්ටිලෝප් සත්ත්වයන් දෙදෙනෙකු 1988 වසරේදී සල්මන් ඛාන් දඩයම් කර ඇත්තේ හුම් – සාත් – හයින් චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරයි.
එම දඩයම් චාරිකාවට සහභාගි වූ සයිෆ් අලි ඛාන්, සොනාලි බ්‍රෙන්ද්‍රේ, තාබු සහ නීලම් කොතාරි නිදහස් කිරීමටයි අධිකරණය තීන්දු කළේ.