Gossips

සල්පිටි රයිගම් කෝරළ සටනේ ජය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට

හොරණ තක්ෂිලා විද්‍යාලය සමග පස් වන වරට පැවති සල්පිටි රයිගම් කෝරළ සටන වාර්ෂික එක්දින තරගය ලකුණු 96 කින් ජයගැනීමට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සමත්වුනා.
මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පිළියන්දල ක්‍රීඩකයින් පන්දුවාර 49යි පන්දු 3කදී සියලුදෙනා දැවී ලකුණු 210ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල තක්ෂිලා ක්‍රීඩකයින් පන්දුවාර 36යි පන්දු 4 කදී සියලුදෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 114ක්.