Gossips

සලකුණු කළ ඡන්දය ඡායාරූප ගත කළ දෙදෙනෙක් අත්අඩංගුවට

ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාව ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද උදෑසන එක් අයෙක් අත්අඩංගුවට ගැනුනේ අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයකදීයි.
සැකකරු ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කරන අවස්ථාවේ එම ඡන්ද මධ්‍යස්ථානය බාරව කටයුතු කරන ස්ථානාධිපති විසින් සැකකරු හා ජංගම දුරකථනය පොලිසියට භාරදී තිබෙනවා.
අවුරුදු 23 ක් වන සැකකරු මොරගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ලබන 14 වනදා කලුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වන ලෙසටයි දැනුම් දී ඇත්තේ.
මේ අතර පුජාපිටිය ප්‍රදේශයේ අවුරුදු 29 ක් වන තරුණයෙකු ද සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කරන අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද උදෑසන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පුජාපිටිය ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයකදීයි.
කොස්කොටේ බටුගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු අද ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.