Gossips

සරුංගලේ ඉහළට යද්දී 15 හැවිරිදි දරුවාගේ අසල සිටි මාරයා

වයස අවුරුදු 15 ක දරුවෙකු අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් ඊයේ (19) සවස ජිවිතක්ෂයට පත්ව වූ පුවතක් යාපනය, චාවකච්චේරි ප්‍රදේශයෙන් වාර්තා වනවා.
තවත් වයස අවුරුදු 08ක දරුවෙක් සමඟ සරුංගල් යැවීමට ගිය අවස්ථාවක අදාල දරුවා මෙම අනතුරට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
දරුවා ළිඳට වැටීමෙන් අනතුරුව වයස අවුරුදු 08 ක දරුවා බියවි වී නිවස වෙත පැමිණ සිද්ධිය පිළිබඳව වැඩිහිටියන් දැනුවත් කිරීමෙන් අනතුරුව ළිඳට වැටුණු දරුවා ප්‍රදේශවාසීන් එක්ව ගොඩ‍ට ගෙන යාපනය චාවකච්චේරි රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
දරුවා රෝහල්ගත කිරී‍මෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් වාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බව සඳහන්.