Gossips

සර්ෆාස් අහමඩ්ට තරඟ තහනමක්

ජාත්‍යන්තර තරඟ හතරක තහනමක් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායක සර්ෆාස් අහමඩ්ට පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
ඒ, දකුණු අප්‍රිකාව සමඟ මේ වන විට පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවන තරඟය අතරතුරදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම උල්ලඝනය කරමින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන්.
මේ අනුව සර්ෆාස් අහමඩ්ට දකුණු අප්‍රිකාව සමඟ අද පැවැත්වෙන එක්දින තරඟය ඇතුළුව තවත් තරඟයක් සහ පන්දු වාර විස්සයි විස්ස තරඟ දෙක ද අහිමි වනවා.