Gossips

‘‘සර්පයාගේ’’ ෆේස්බුක් ගිණුම ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි

රත්නපුර තිපුද්ගල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටින හිටපු සබරගමුව පළාත් සභා මන්ත්‍රී හසිත සමන්ත මුහන්දිරම් හෙවත් සර්පයාගේ ෆේස්බුක් ගිණුම තවදුරටත් යාවත්කාලීන කිරීම පිළිබඳව සොයාබලා වාර්තාවක් ලබාදෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
එම වාර්තාව පෞද්ගලිකව මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න නියෝග කළේ.
එමෙන්ම අදාළ ෆේස්බුක් ගිණුම සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වා එය ක්‍රියාත්මක වන ප්‍රදේශය පිළිබඳව ද වාර්තාවක් ලබා දෙන ලෙසට ද මහාධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම් දෙනු ලැබුවා.
1999 වර්ෂයේ සැප්තැම්බර් 09 වනදා සබරගමුව පළාත් සභාවේ හිටපු අමාත්‍ය රංජිත් නන්දසිරි සහ ඔහුගේ රියදුරු ඇතුළු තිදෙනෙක් ඝාතනය කිරීමේ චෝදනාවටයි හිටපු පළාත් සභා මන්ත්‍රි හසිත සමන්ත මුහන්දිරම් හෙවත් සර්පයාට මරණ දඬුවම නියමවුණේ.