Gossips

සරසවි සිසු විරෝධතාවට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක්

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර තිබු විරෝධතාවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසලදී පොලිසිය ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ ගැටළු විසඳීමට බල කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි ඔවුන් මෙම විරෝධතාව සංවිධාන කර තිබුනේ.
මේ හේතුවෙන් කොළඹ – පුරහල අවට රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසලින් අද පස්වරුවේ මෙම විරෝධතා පා ගමන ආරම්භ කෙරුණු අතර, එය පුරහල ආසන්නයට ළඟාවීමත් සමඟයි මෙලෙස රථවාහන තදබදයක් හටගත්තේ.
සිසු පා ගමන හේතුවෙන් මීට සුළු මොහොතකට පෙර වෝඩ් පෙදෙස වසා දැමූ බවද පොලිස් රථවාහන ඒකකය සඳහන් කළා.