Gossips

සරසවි සිසු විරෝධතාවක් නිසා පුරහල අවට රථවාහන තදබදයක්

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසකගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට මේ වනවිට රථවාහන තදබදයක් පවතිනවා.
පොලීසිය ප්‍රකාශ කළේ විරෝධතාව හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව දෙසට පිවිසෙන වෝඩ් පෙදෙසද තාවකාලිකව වසා දමා ඇති බවයි.
නවකවදය ලබාදීම හේතුවෙන් අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් 17 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට සහ සිසුන් හතරදෙනෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට පාලනාධිකාරිය කටයුතු කිරීමට එරෙහිව සිසුන් මෙම විරෝධතාව සංවිධාන කර තිබෙනවා.