Gossips

සරසවි සිසු පා ගමනක් නිසා නාවල අවට දැඩි රථවාහන තදබදයක්

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විරෝධය පළ කරමින් සහ පාඨමාලා ගාස්තු ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතා පාගමනක් ආරම්භ කර තිබෙනවා.
නාවල විවෘත විශ්වවිද්‍යාලය අසලින් අද දහවල් ආරම්භ කළ පාගමන රාජගිරිය හරහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.
විරෝධතා පාගමන හේතුවෙන් මේ වනවිට නාවල මංසන්ධිය අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.