අනධ්‍යයන සේවක ගැටලූ විසදා විශ්වවිද්‍යාල නැවත යථා තත්ත්වයට පත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය අද දහවල් විරෝධතාවක නිරත වුණා.
ඒ එම විශ්වවිද්‍යාලය ඉදිරිපිටදීයි.
මීට අමතරව, දහවල් 12 සිට පැයක කාලයක් විජේරාම මංසන්ධියේ වෙළඳසැල් හිමියන් ද සිය වෙළඳසැල් වසා දමමින් ඊට සහය දැක්වූ බවයි විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හරේන්ද්‍ර ගුණරත්න සදහන් කළේ.
