හොරොව්පොතාන – ඓතිහාසික කිරලාගල ස්ථූපය මත නැග අග්නිදිග සරසවියේ සිසුන් අටදෙනා අදාළ ඡායාරූප ලබාගෙන ඇත්තේ පසුගිය වසරේ ජනවාරි මස 5 වනදා බව මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.
එම සිසුන්ගෙන් 7 දෙනෙකු ඊයේ විශ්වවිද්‍යාලය තුළදී විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගත් අතර, අනෙක් සිසුවා පොලීසියට පැමිණ භාරවුණා.
මොවුන්ගෙන් ප්‍රශ්න කිරීම තවදුරටත් සිදුවන අතර, ඔවුන් අද කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
අග්නිදිග විිශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන මෙම සිසුන් අම්පාර, එරාවුර්, අක්කරෙයිපත්තුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
අදාළ ඡායාරූප ෆේ්ස්බුක් සමාජ මාධ්‍යය වෙත මුදා හැරීමෙන් අනතුරුවයි මේ පිළිබඳව කථාබහට ලක්වුණේ.
පසුව පුරාවිද්‍යා නිලධාරීන් ඒ පිළිබඳව හොරොව්පොතාන පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුවයි ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ.
