Gossips

සරසවි සිසුන්ගේ විරෝධතාවලට ලක්ෂ 21ක වියදමක් – උසස් අධ්‍යාපන ඇමති හෙළිදරව් කරයි

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පසුගිය දිනවල කොළඹ දී සිදුකළ විරෝධතා සඳහා රුපියල් ලක්ෂ 21ක් වියදම් කර ඇති බවට හෙළි වී ඇතැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඒ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ද අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවා තිබූ අතර ඊට එක්වෙමින් අදහස් දැක්වූ එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර කියා සිටියේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා නගන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.