Gossips

සරත් මදූ දිවිගමනින් සමුගෙන යයි

චිත්‍රකතාකරුවෙක් ලෙසින් රටම තම වසඟයට ගත් යුගයක හිමිකරුවෙකු වූ ප්‍රවීණ චිත්‍ර ශිල්පී බලංගොඩ සරත් මධු මහතා ඊයේ අභාවප්‍රාප්ත වූවා.
දෙදරු පියෙකු වූ ඒ මහතා මියයනවිට 69 වන වියේ පසුවූවා.
දශක පහකට ආසන්න කාලයක් චිත්‍රකතාකරුවෙක් ලෙස අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටි ඔහු මියයනවිට මහරගම ,පරණ පාර, නාවින්න ,නාමල් උයන පිහිටි සිය නිවසේ පදිංචිව සිටියා.
බලන්ගොඩ ප්‍රදේශයේ උපත ලැබූ ඒ මහතා දොරවල මද්දලාගේ සරත් බැද්දගේ නම් වූ අතර චිත්‍රකතා ක්ෂේත්‍රයට පිවිසීමත් සමඟ ඔහුට ආදරය කළ රසිකයන් ආමන්ත්‍රණය කළේ බලංගොඩ සරත් මධු යන නාමයෙන්.
ඒ මහතා බලංගොඩ බුද්ධ ජයන්ති මහ විදුහල සහ බලංගොඩ මහා විද්‍යාලය යන පාසල් වල ආදී ශිෂ්‍යයකු වූවා.
ටයිම්ස් පුවත්පත් ආයතනය ප්‍රකාශයට පක් කළ පැරණි ලංකාදීප පුවත්පතේ මාධ්‍යෙව්දී ධර්ම ශ්‍රි කල්දේරා රචනා කළ ‘‘රාජ උදහස‘‘ චිත්‍රකතාවට චිත්‍ර ඇඳීමෙන් සරත් මදූ මෙම ක්ෂේත්‍රයට අවතීර්ණ වූවා.
සරත් මදූ මහතා වෘත්තීයෙන් විද්‍යා ගුරුවරයෙකු වීම විශේෂත්වයක්.
ගුරු වෘත්තීයෙන් සමු ගැනීමෙන් පසු පුර්ණකාලීනව චිත්‍රකතා ශිල්පියකු වූ සරත් මධු මහතා ඉන්පසු සිත්තර , සත්සිරි , හිතවත ,සදා වාසනා යන චිත්‍රකතා පුවත්පත්වල සේවයට එක්වනවා.
70 දශකයේදී මුළු රටම ආදරයෙන් වැළඳගත් ‘‘ඉතිං ඊට පස්සේ‘‘ ඔහුගේ ජනප්‍රියතම චිත්‍රකතාවයි.
මීට අමතරව නිව්රෝ,ඉසංකා,ඉත්තෑවා,ඉටු දෙවියා සහ ලංකාදීප පුවත් පත සමඟ බෙදා දෙන සතුට චිත්‍රකතා පත්‍රයේ සිහිනයක මල් පිපිලා යන චිත්‍ර කතාද ඔහුගේ නිර්මාණ ගොන්නට ඇතුලත්.
සරත් මදූ මහතාගේ දේහය මහරගම සිය නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන සදුදා උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.