Gossips

සරණක් පතන මෙහෙණින් වහන්සේලා

ගෞතම බුදුරාජණන් වහන්සේ භික්ෂුණි ශාසනය පිහිටවනු ලැබුවේ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන් සඳහා සදාකාලික විමුක්තිය ලබාදීමේ උතුම් අරමුණ පෙරදැරිවයි.
සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ ආගමනයෙන් මෙරට ආරම්භ කෙරුනු භික්ෂුණි ශාසනය තවමත් දීපව්‍යාප්තව පවතින්නේ ඊට එක්වු කාන්තාවන් බුදු සසුන ආරක්ෂා කිිරීම උදෙසා කරනු ලබන කැපවීම හේතුවෙන්.
අදවන් පුරපසලොස්වක පොහෝ දිනක දුෂ්කරතා රැසක් මධ්‍යයේ වැඩ වාසය කරන උතුම් මෙහෙණින් වහන්සේලා තුන් නමක් පිළිබද දිඹුලාගල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
මගුල්දමන සුජාතාරාමයේ වැඩ වාසය කරන මෙම මෙහෙණින් වහන්සේලා ගැන මෙතෙක් කිසිවෙකුගේ අවධානය යොමුවී නොමැති වීම කණාගාටුවට කරුණක්.
අද වැනි පුන් පොහෝ දිනකදි මෙවැනි උතුම් මෙහෙණින් වහන්සේලාට පිළිසරණක් වන්නට, ඔබටත් අවස්ථාවක් ලැබෙන්නේ නම් එය මහඟු පිංකමකට මඟ පෑදීමක් වනු නොඅනුමානයි.