Gossips

සයිලන්ට් ෆයිටර් ලොවින් සමුගනී

සයිලන්ට් ෆයිටර් ලෙසින් ලෝකප්‍රකට වූ බේරුවල ඉර්ෆාන් හාෆීස් ඊයේ මෙලොවින් සමුගත්තා.
ඔහු ලෝක ප්‍රසිද්ධියට පත්වුණේ වසර 19 ක් එක්තැන්ව සිටියදීම ග්‍රන්ථ කිහිපයක් රචනා කිරීම හේතුවෙන්.
ඉර්ෆාන් හෆීස් 1981 දී උපත ලබන්නේ බේරුවල ප්‍රදේශයේදීයි.
ඒ 8 දෙනෙකුගෙන් යුත් පවුලේ 3 වැනියා ලෙසයි.
කුඩා කළ සිටම පැවති ශාරීරික දුබලතා සමග දර්ගා නගරයේ සහීරා විද්‍යාලයට ඇතුළත් වූ ඉර්ෆාන්ට අධ්‍යාපනය ලැබීමට හැකිවූයේ පස්වැනි ශ්‍රේණිය දක්වා පමණයි.
ඉර්ෆාන් පිළිබඳ වෛද්‍ය උපදෙස් පැතූ ඔහුගේ දෙමව්පියන්ට දැනගන්නට ලැබුණේ, තම දරුවා සිරුරේ කොටසින් කොටස ක්‍රම ක්‍රමයෙන් අඩපන වන ඉතාමත් දුර්ලභ ජානගත රෝගයකින් පෙළෙන බවයි.